Tuesday, May 22, 2018

මගේ ආදරය

                   ආදරය ජීවිතයට තදින් කා වදින ඔසුවකි.මිනිස් චිත්ත සන්තානයේ ගැඹුරු තැන් පිරිමදින එය සිත් සැබැවින්ම සුවපත් කරයි. මලානිකව  සුසුම් ලමින් සිටි මගේ ජීවිතයට ආදරයේ සිහිල් පොද වැටුන හැටි හොදින් මතකය.
එදා ඒ අහඹු මුණගැසීම ආදරයකින් කෙලවර වේ යැයි සිහිනෙන්වත් නොසිතුවත් ඒ මුණගැසීමත් සමගම ජීවිතයට එක් වූ නැවුම් හැගීම කෙටි කලකින්ම ආදරයේ සොඳුරු පියාපත් ලබමින් ඉගිල ගියේ මගේ මුලු හදවතම සිත්තම් කරමිනි.ඒ ලෙසින් අතු ඉති දමා ලියලමින් ගිය මගේ ආදරය අප හදවත් දෙකම එක් කොට ගෙන ආදරයේ සොඳුරු , මිහිරි බව දිනෙන් දින වැඩි කලේය.



                           රැය පහන් වෙන තෙක් හුවමාරු වන ආදර වදන් ,හැම මොහොතක් එක්කම  ආදරය සමග දැනෙන ආරක්ෂාව මේ සියල්ලම සොඳුරුයි.පුංචි පුංචි මුරණ්ඩුකම් ,ආදරය මුසු වුනු බැනුම් සත්තකින්ම මේ හැමදේම මගේ ජීවිතයට සොඳුරු මොහොතවල් එක්කාසු කලා.පෙර නොවිදි සුන්දර අත්දැකීම් ගොන්නක් මගේ ආදරයෙන් මට හිමිවුණා .කොතරම් මුරණ්ඩුකම් මුසු උනත් මේ තමයි මගේ හදවත හැම මොහොතක් ගානේම සනසන ,පිරිමදින "මගේ ආදරය "❤️❤️

19 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. Wow...❤️ perfect .actually heart touching ..

    ReplyDelete
  3. Wow...❤️ perfect .actually heart touching ..

    ReplyDelete
  4. ගොඩක් ලස්සන නිර්මාණයක් .... good luck❤

    ReplyDelete

Sanjanani 2019 trailer