Tuesday, May 18, 2021

Sanjanani 2019 trailer


 

පැතුම

 විඩාබර වු මොහොතක

සෙවණක් විය නුඹ මසිතට

අඳුරු හුදකලාවන් හි

සිනහව නුඹෙන් තිළිණ විය... 

නොදුන්නද  අර්ථයක් මා එයට

දනිමි පලා යා නොහැකි බව

සසර හුරු පුරුද්දෙන්....

හෙට නැගෙන ලෝකය

විමසාවි නොඑක ඔබ ගැන

ගොළුව යනු ඇත මා

එදිනටත් අද මෙන් ම.... 

අහිමි වූ දිනක හිත සුවඳ

හිනැහෙන්න එදාටත්

නිකැලැල් හදවතින.....


- දිනු



ගුවනට පෙම් බැද

 


Sanjanani 2019 trailer