Tuesday, May 18, 2021
පැතුම
විඩාබර වු මොහොතක
සෙවණක් විය නුඹ මසිතට
අඳුරු හුදකලාවන් හි
සිනහව නුඹෙන් තිළිණ විය...
නොදුන්නද අර්ථයක් මා එයට
දනිමි පලා යා නොහැකි බව
සසර හුරු පුරුද්දෙන්....
හෙට නැගෙන ලෝකය
විමසාවි නොඑක ඔබ ගැන
ගොළුව යනු ඇත මා
එදිනටත් අද මෙන් ම....
අහිමි වූ දිනක හිත සුවඳ
හිනැහෙන්න එදාටත්
නිකැලැල් හදවතින.....
- දිනු
Tuesday, September 11, 2018
සාරධර්ම කොයිබටද .....
අඳුර තුලින් ආලෝකය සොයා ගිය අභිමානවත් සංස්කෘතියක් හා සදාචාරයක් උරුම වූ ධර්මීතලය නමින් විරුදාවලී ලැබූ ශ්‍රී ලක් මවුන් ධර්මදීපයක් බවට පත් වූයේ අප තුල තිබූ උදාර ශිෂ්ටත්වය නිසාමය.එවැනි සමාජ වටපිටාවක අභිමානවත් ඉතිහාසයකට උරුමකම් කියන අප අද වල්මත් වූවන් සේ ,අඳ ගොලු බිහිරන් සේ සිටිනුයේ මන්ද? ලැජ්ජාව බිය යන දෙකෙන් මුලු ලෝකයටත් ඉදිරියෙන් සිටි අප අද සිටිනුයේ කොතැනද? අප විසින් රැක ගත යුතු යැයි කියන ලැජ්ජා බිය දෙක බිඳ දමා ගෙන අශිෂ්ට මිනිස් සමාජයක ආරම්භය සිදුවූයේ කෙදිනක ද? වීරෝධාර පුතුන්ගේ ජන්ම භූමියක් ව තිබූ අප රට දැන් ක්‍රමයෙන් මිනිස් දහමින් වෙන්වී නොමිනිස් ගුණ ඇති රටක් ජාතියක් ලෙස විනාශයට යන්නෙමු.
ගෙදර බුදුන් කියා උදේ හවස වැඳ ගරු කල මව,පියාව අමු අමුවේ මරා දැමූ පුවත් වර්තමානයේ සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇත.තමන්ගේ ලෙයින් ,කුසින් උපන් කිරිකැටියා උපන්ගෙයිම මරා දැමීමට තරම් සාහසික දෙමව්පියන් වත්මන් සමාජයේ බුරුතු පිටින් ඇත.පවුලේ හිතවතෙක් ලගක හෝ ගැහැනු දරුවෙකු පමණක් නොව පිරිමි දරුවෙකුවත් රඳවා යා නොහැකි ලෙස කාමාතුර රකුසන්ගෙන් සමාජය ගහණ වී ඇත.ඔවුන් විසින් තම දරුවා කිනම් මොහොතක බිලිගනිවීදැයි බියෙන් සැකෙන් දිවි ගෙවීමට දෙමව්පියන්ට සිදුව ඇත.
අප කුඩා කාලයේ මවට පියාට දෙවැනිව සීයාට ආච්චීට ආදරය කලෙමු.මව නැති අතර අප රැක ගත්තේ මිත්තණියයි.කතන්දර කියාදෙමින් උකුලේ නිදිකල මිත්තණියව කාටත් හොර රහසේ සාහසිකව නොයෙන ගමන් යැවීමට තරම් වත්මන් පරපුර නින්දිත වී ඇති අයුරු සැබැවින්ම ඛේදනීයයි.
රටක් සමාජයක් දූෂණය ,භීෂණය,ප්‍රචණ්ඩත්වයෙන් පිරී යන්නේ එහි සාරධර්ම පිරිහී ගිය විටයි.අප රටටද වත්මන්හි මේ තත්ත්වය උදාවී ඇති බව පෙනෙන්නට ඇත.සියල්ල මුදලට වටිනාකම් වන සමාජයක සාරධර්ම වලට හිමිතැන සැබැවින්ම ගැටලුවකි.මිනිසුන් මිනිස් ගුණයන්ගෙන් දුරුවී කුමන හෝ දෙයක් සිදු කොට මුදල් සෙවීමට යොමු වී ඇත.ජනගහනයෙන් වැඩිම පිරිසක් බෞද්ධයන් වන රටේ ඔවුන් තුල පවට තිබූ බිය නැත්තටම නැතිවී ගොස් ඇත.දෙමාපිය වැඩිහිටියන් ට සැලකිය යුත්තේ කෙසේද ,සමාජයට විය යුතු යුතුකම් මොනවාද අඩු තරමේ තමා ජීවත් විය යුත්තේ කෙසේද කියාවත් නිසියාකාර අවබෝධයක් නොමැතිව ක්‍රියා කරන පිරිස් සමාජයේ බහුල වී ඇත.ඔවුන් යහපත හා අයහපත අතර අතරමංව ඇත.
අප මුතුන් මිත්තන් සාරධර්ම පැතිකඩින් සැබැවින්ම බොහෝ උසස් තැනක සිටියහ.ඒ අනුව අප අද සිටිනුයේ ආගාධයක බව අකැමැත්තෙන් වුවද සඳහන් කල යුතුය.නවීන තාක්ෂණය ,ගෝලීයකරණය ,නාගරීකරණය ආදිය සාරධර්ම පිරිහීමේ ලා ප්‍රමුඛ වී ඇති බව සිතෙයි.ජන මාධ්‍ය තුලින් මෙහිලා සමාජයක ඇති කරන බලපෑම සුලුපටු නොවේ.ජනමාධ්‍ය තුලින්ද සාරධර්ම පෝෂණයට කටයුතු කිරීම වත්මන් සමාජයට දැඩිව අවශ්‍යය වී ඇත.ආර්ථික අරමුණු සාක්ෂාත් කරගැනීමෙන් මිදී කාලයේ වැලිතලාවෙන් අප සාරධර්ම වැසී යාමට පෙර ඒ සියල්ලම නැවත පණ පෙවීමට ජනමාධ්‍ය ක්‍රියාකරන්නේ නම් ඉතා අගනේය.
"කවුලුව හැර සුළං විඳිමු.නමුත් සුළඟට අප සතු දේ ගසාගෙන යාමට ඉඩ නොදෙමු"
U. දිනුෂිකා සමන්මලී කුමාරි
-කැළණිය විශ්වවිද්‍යාලය.

Monday, August 27, 2018
ජීවිතය දෙස සුභවාදීව බලන්න...
ජිවිතයේ සමහර දේවල් සිද්ද වෙන්නෙ වාසනාවට නැත්නම් අවාසනාවට කියලා ඔබට හිතෙනවාද
අපේ බලාපොරොත්තු බිදුනම අපි විධි දෙකක් යොදාගන්නවා
එකක් කලකිරීමෙන් අසතුටින් හිත හකුලෝගන වේදනාවෙන් ජීවත් වීම. අනික තමයි අමාරුවෙන් හරි උපේක්ශාවෙන් බලලා හැමදේම වෙන්නෙ හොදට කියලා හිත හදාගන්න එක.
පලවෙනි එකෙන් වේදනාව අපේ හිත්,ගත පුරාම ඔඩුදුවනවා. අපේ ජීවතේ හුගක් දේවල් සාර්ථක ව කරගන්න බැරි තරමට අපි දුර්වල වෙනවා.
දෙවනි එකෙන් හිත සංසුන් වෙනවා.
දැන් ඉතිං වෙච්ච දේ වුනා. ඒක දිහා අවාසනාවන්ත දෙයක් විදියට බලනවට වඩා ඒ තුලින් යම්කිසි හොදක් මතු කරගන්න පුලුවන් නම් ඒක තමයි වැදගත්.
අපේ ජිවිතයේ හුගක් ඇතැම් දේවල් සිදුවන්නේ වාසනාවට කියලා අපිට හිතෙනවා. තවත් දේවල් සිදුවන්නේ අවාසනාවට වගේ කියලා අපිට පේනවා. ඒත් ඔබට හිතන්න පුලුවන් අපිට ජීවිතයේ නරකට සිදුවන දේවල් වෙස් වලාගත් ආශිර්වාදයක් වෙන්නත් පුළුවන්. හොදට සිද්ද වුනා කියලා හිතුන දේවල් පසුකාලීනව සාපයක් වෙන්නත් පුළුවන්.
මේ මොන දේ වුනත් විපතක් විදියට බලලා අඩන එකෙන් සිද්ද වෙන එක හොදක් ඔබට කියන්න පුළුවන් ද??? අපට සිද්ද වෙන දේ නෙමේ ඇත්තටම විපත. අපි ඒ දේවල් බාරගන්නා විදිය අනුව තමයි ඒක සිද්ද වෙන්නෙ.
වෙච්ච දේවල් වෙනස් කරන්න බෑ. විපතක් විදියට නොබලා මොකක්හරි හොදක් ඇති කියලා උපේක්ශාවෙන් බලන්න පුරුදු වෙන්න. එතකොට කදුලින් බොද වුන ඇස් දෙකක් වෙනුවට බුද්ධියෙන් ආලෝකමත් වුනු ඇස් වලින් ජීවිතයේ දිහා බලන්න පුලුවන්.....
- දිනුෂිකා සමන්මලී
...නූතන ටෙලිනාට්‍යය මගින් තරුණ පරපුරේ ආකල්ප හා චර්යා කෙරෙහි ඇති කරන බලපෑම ...
රටක දැයක පිටකොන්ද තරුණ පරපුරයි.තාරුණ්‍යභිමානයෙන් ඔද වැඩුනු සමාජය ප්‍රගතිශීලී සමාජයකි.ජාතික සංවර්ධනයේ පදනම තරුණ පරපුරයි.මෙම අවධියේ දී තරුණ තරුණයින් සාම්ප්‍රදායික දේවල් වලින් මිදී ස්වාධීන ජීවිතයක් ගත කිරීමට උනන්දුවක් දක්වති.එහිදී රූපවාහිනීය නරඹන ටෙලිනාට්‍ය රුචි කරන තරුණ තරුණයින්ගේ ආකල්ප හා චර්යා පද්ධති කෙරෙහි එය ප්‍රබල බලපෑමක් ඇති කරන බව දැකගත හැකිය .
රූපවාහිනී නාට්‍ය පිළිබඳව ඇතැමුන් කෙතරම් උනන්දු ද කියතොත් කෑම වේල ප්‍රමාදව ගත්තද ටෙලිනාට්‍ය නැරඹීම ප්‍රමාද කිරීමට ඔවුන් මැලි වෙති.තරඟකාරී රූපවාහිනීය තුල වත්මන වන විට රූපවාහිනී නාලිකා විශාල ප්‍රමාණයක් ආරම්භ වීමත් සමග ගැටුමක් නිරායාසයෙන් පවතී.වැඩි ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනා ගැනීම උදෙසා විවිධ ටෙලිනාට්‍ය ප්‍රචාරය කරයි.බොහෝ නාට්‍ය සිංහලෙන් හඬකැවූ වෙනත් සංස්කෘතීන් වල නිෂ්පාදිත ඒවාය.මේවායේ ගුණාත්මකභාවය ක්‍රමයෙන් පහල ගොස් ඇති අතර තරුණ පරපුරට මේවායින් උකහා ගත හැකි දෙයක් ඇත්දැයි සැක සහිතය.
රූපවාහිනී මාධ්‍ය මෙරට ආරම්භ කරනු ලැබුවේ අරමුණු කීපයක් පෙරදැරිවය.එහි එක් ප්‍රධාන අරමුණක් වූයේ අධ්‍යාපනය නඟා සිටුවීමට දායක වීමයි.නමුත් තරුණ පරපුරේ අධ්‍යාපන අවශ්‍යතා සඳහා හෝ ඔවුන්ගේ පෞරුෂය සංවර්ධනයට රූපවාහිනීය තුලින් ඉටු වන මෙහෙය සැලකිය යුතු මට්ටමක නොමැත.
රූපවාහිනීයේ විකාශනය වන ටෙලිනාට්‍ය වල නලු නිලියන්ගේ චරිත මගින් භාවිතයට ගැනෙන විලාසිතා අදින්නට පළදින්නට තරුණ පරපුර පෙළඹී ඇත.නවතම විලාසිතා වනුයේද ඒවාය.ඔවුන්ගේ කොණ්ඩා මෝස්තර බෙහෙවින් තරුණ පරපුර අතර ප්‍රචලිතය.පෙරදී රස්තියාදු තරුණයින් භාවිතා කල ඇඳුම් පැළඳුම් ,කොණ්ඩා මෝස්තර වුවත් ටෙලිනාට්‍යක ජනප්‍රිය චරිතයක් භාවිතා කරන්නේ නම් ඒව අනුගමනයට තරුණ පරපුර මැලි නොවන අයුරු දැකගත හැකිය.ඇතැම් විට අසංවරශීලී අඩනිරුවත් විලාසිතා ද මේවායේ යොදාගනු දැකිය හැකිය.මෙයින් සිදුවන්නේ රටේ අනාගතය වන තරුණ පරපුර නොමගට යාමයි.වර්තමාන තරුණ පරපුරේ ජාතික ඇඳුම වන් "ඩෙනිමට" ඔවුන් හුරුපුරුදු වූයේ ටෙලිනාට්‍ය මගින් යැයි පැවසුවහොත් අසත්‍ය නොවනු ඇත.අද සමාජයට මෙය නැතිවම බැරිය.
ටෙලිනාට්‍ය වල පිසෙන ආහාරපාන නිවෙස්වලද පිසෙයි.එමෙන්ම වඩාත් අවධානය යොමුවිය යුතු දෙයක් වන්නේ මෙම ටෙලිනාට්‍යවල යොදාගැනෙන භාෂාවයි.බොහෝ විට මෙය සිංහල -ඉංග්‍රීසි මිශ්‍ර වූවකි.මීට තරුණ පරපුරද යොමුවී ඇත.එවිට සිංහල භාෂාවට යන කල දසාව කුමක්ද යන්න ගැටලුවකි.එමෙන්ම ඇතැම් ටෙලිනාට්‍යවල භාෂාව අසංවරශීලී ලෙස භාවිතයට ගන්නා අයුරු අද දැකගත හැකිය.ටෙලිනාට්‍ය තුලින් තරුණ පරපුර තුල ප්‍රචලිතව ඇති ඇතැම් වචන මෙම කලාකරුවන්ට ආවේ කොයින්දැයි සිතාගත නොහැකිය ."නියමයි,අනර්ඝයි,ලස්සනයි " යන වචන වෙනුවට අද තරුණ තරුණියෝ යොදාගන්නේ "පට්ට" යන වචනයයි. ඉස්සර සිංහලයා "පට්ටපල් හොරා,පට්ට බොරුකාරයා ,පට්ට....." වැනි යම් පහත් බවක් දැක්වීමට යොදාගත වචනයක් අද ඊට හාත්පසින්ම වෙනස් අර්ථයක් පිණිස යොදාගනී.කල් යත්ම මෙම වචනයේ නිවැරැදි තේරුම පිළිගැනීමට තරුණ පරපුර මැලිවනු ඇත."කෑල්ල ,පහර" ආදී ටෙලිනාට්‍ය ඇසුරෙන් බොහෝ අමුතු වචන සමාජගත වී ඇති අයුරු දැකගත හැකිය.එසේම මේවායේ ආවේශකර හැසිරීම් ,හැඟීම් උත්පාදනය දර්ශන තරුණ පරපුරේ මොළ කුරුවල් කිරීමට දායක වනු ඇත.
අපේ රටේ බහුතරයක් තවම ගම්බදව වෙසෙන අතර නගරබදව සිටින බොහෝමයක් ද ග්‍රාමීය දෙමව්පියන්ගේ දරුවෝය.රූපවාහිනී තිර රචකයන්ගේ වගකීමක් වනුයේ මොවුන් තුල යහ ගුණධර්ම වැඩිදියුණු කිරීමයි.වාණිජ අරමුණු පමණක් ගැන නොසිතා සංස්කෘතියට පටහැනි,තරුණ පරපුර නොමගට යොමු කරන නාට්‍ය දර්ශනද විකාශය නොකල යුතුය.පැහැදිලිවම කිවහොත් රටේ ජනතාව පාලනය කරන යතුරක් ලෙස ටෙලිනාට්‍ය හැදින්විය හැකිය.තරුණ පරපුරේ ආකල්ප හා චර්යාවන් වැඩිදියුණු කරමින් රට සංවර්ධනයට මේ තුලින් වුශාල මෙහෙයක් කල හැකිව පවතී."අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී" ලෙස කුමාරතුංග මුනිදාසයන් පවසා ඇත.නමුත් මෙම වෙනස් වීම කරන ගමනේදී වෙස් මුහුණු බැඳ ගැනීම අනුවණය.ටෙලිනාට්‍ය හරහා තරුණ පරපුර තුල ආකල්පමය හා චර්යාමය දියුණුවක් ඇති කිරීම පිණිස ක්‍රියා කල යුතුය.
U. දිනුෂිකා සමන්මලී කුමාරි
රොබෝ හදවත්
කුඩා දරුවෙකුගේ සිත නොකිලිටි මෙන්ම නිරවුල්ය.නිදහස,නව අත්දැකීම් විදින්නට කැමති ඔවුන් ඒ අත්දැකීම් ඇසුරෙන් ඔවුන් උගත දේ දිනක වැඩිහිටියෙකු වූ විටද ක්‍රියාවට නංවයි.එම නිසා ලමා සිත අවබෝධයෙන් තේරුම් ගැනීම වැදගත් වේ.ළමයා යනු ළමයාය..ඔවුන් වැඩිහිටියන් නොවේ.ඇත්තේ ළමා සිතුම් පැතුම්ය.කෙළිදෙලෙන් සිතැඟි පරිදි ගත කරන්නට ඔවුන් කැමැතිය.ඔවුන් එලෙස ඒවා තුලින් ලබන නවමු අත්දැකීම් හරහා බොහෝ දේ උගනින බව දත යුතුය.ඒ කෙසේද යත් පරිසරය හා ගැටෙන ළමයා එහි අපූර්වත්වය දකී.එයට සමීප වේ.ගහට කොළට සතා සීපාවාට ආදරය කරන්නට ඉගෙන ගනී.ඒවාගේ වටිනාකම වටහා ගනී.සිත් පිරිසුදු වේ.රසවින්දනයට ,හිතන්නට,දෙයක් දෙස අවබෝධයෙන් බලන්නට නිරායාසයෙන් පෙළඹේ.එමෙන්ම ගහට කොළට ,සතා සීපාවාට ආදරය දක්වන ,මිතුරන් නිවැසියන් ,අසල්වැසියන් සමග සහයෝගයෙන් දිවි ගෙවන ළමයාගේ මනස තුල කරුණාව ,අනුකම්පාව ,දයාව ආදී මාහැඟි සිතුවිලි ක්‍රමයෙන් ගොඩ නැගේ.එය පොත පතින් ලබාදෙන්නට කෙතරම් වෑයම් කලද එය නිශ්ඵල වේ.
අද අප රට තුල පවතින අධ්‍යාපනය ඉතාමත් තරඟකාරීය.තරඟකාරී බව අත්‍යාවශ්‍ය වුවද මෙවැනි තරඟකාරී බවක් තුලින් සංවර්ධනයක් කෙසේ වෙතත් අනාගත මිනිසාගේ අධ්‍යාත්මික සංවර්ධනයහි නම් දැවැන්ත පරිහානියක මූලාරම්භයක් නම් වන බව මොනවට කැපී පෙනේ.උදේ රැයින් නැගිට මොනවා හෝ දෙයක් කඩිමුඩියේ ගිල දමා පාසල් වෑන් රියට තල්ලු වීමෙන් අනතුරුව මහා සංග්‍රාමයකට අනුයුක්ත කලා හා සමානය.පලමුවන වසරට ඇතුලත් කල දා සිටම වාගේ දෙමව්පියන්ගේ හා ගුරුවරුන්ගේ හිස තුල රජයන පලමුව විජයග්‍රහණය 5 ශිෂ්‍යත්වයයි. එතැන් සිට ආරම්භ වන කඩඉම් විභාග පෙල වෙනුවෙන් ඕනෑම දෙයක් කැප කිරීමට අද සියල්ලෝම පාහේ සැරසී සිටී.අද බොහෝ මව්පියන්ට අසල්වැසියාගේ දරුවාට වඩා හා තමාගෙන් ප්‍රතිඵල අසන්නන්ට උජාරුවෙන් කිව හැකි ලෙස විභාගයෙන් සමත්ව සිටිනු දැකීම රටක් රාජ්‍යයක් ලැබුනාක් හා සමාන දෙයකි.එසේම ඇතැම් ගුරුවරුන්ගේ සිද්ධාන්ත වලට අනුව විභාග වලින් අසමත් වීම දරැවා සිය අනාගතයම අදුරු කර ගැනීමකි.මෙවැනි සංකල්පයන් ළමා සිත් පසාරු කර ගෙන නිදන්ගත වීමේ ප්‍රතිඵලයක් ලෙස දරුවාද මව්පියන් හා ගුරුවරුන්ගේ තරඟකාරීත්වයට යොමුවේ.
මේ වන විට මුලු මහත් රටම හා අධ්‍යාපන ක්ෂේත්‍රයම දරුවන්ගේ හිස් ශිෂ්‍යත්වය , A සාමාර්ථ යන සංකල්පයන් තුලින් පමණක් පුරවා අවසන් ය.දෙමව්පියන් අමතර පන්ති දහසකට පමණ ඇතුලත් කොට ඔවුන්ගේ නිදහස සීමා කොට ඇත.එදා දරැවා ගහකොලෙන් විදි අතිශය සුන්දර නිදහස අද දරුවාට ලැබෙන්නේ නැත.පරිසරයේ සුන්දරත්වය විදින්නට ඔවුන් දන්නේ නැත.ගුණධර්ම ,මව පියා,අසල්වැසියන් ,පරිසරය අමතක වී කෲර සමාජයක් බිහි වෙමින් පවතී.අනෙකාගේ දුක නොහදුනන අනුකම්පාව තොරවූ අනාගත රොබෝවරු පිරිසක් අපට මෙමගින් දායාද වේ.ලැබෙන දත්ත වලට අනුව ක්‍රියාත්මක වීමට සැකසී ඇති රොබෝවරු සිතන්නට ,අනෙකාගේ දුක හදුනන්නට දන්නේ නැත.මන්ද යත් ඔවුන් සංවේදී වීමට සකසා නැත.අද දරුවාටද ඔවුන්ගේ ළමා කාලය,නිදහස විදින පරිසරය විදින ,ගුණධර්ම පුහුණු කරන කාලය ඔවුන්ගෙන් උදුරා ගෙන පසුව ඔවුන් තුලින් සිරිමත් ලා අපේක්ෂා කල නොහැක.පොත පතින් ජීවත් වීමට අවශ්‍ය සියල්ලම නොලැබේ.සමාජගත වූ පසු අධ්‍යාපනය මෙන්ම ගුණධර්ම ද පිරුණු මිනිසුන්ය අවැසි වනුයේ දහම් පාසලකට යන දරුවන් අද ඉතා සීමිතය ...දහම් අධ්‍යාපනය ,සාරධර්ම රටක පැවැත්මට ඉතාමත් අවශ්‍යය.ගුණධර්ම පිරිහුන රොබෝ හදවත් ඇති දොස්තරලා,නීතිඥවරුන් ,ඉංජිනේරුවන් ,ගුරුවරුන් ලක්ෂ ගණන් පහල වුවද රටකට පලක් නැත.එහෙයින් අප අනාගතයට අපම වල කපගෙන පසුව දොස් කීවාට කිසිදු පලක් නැති බව අවබෝධ කොට ගැනීම මුලු මහත් රටටම වටී..
U.dinushika samanmalie

Subscribe to:
Posts (Atom)
-
රටක දැයක පිටකොන්ද තරුණ පරපුරයි.තාරුණ්‍යභිමානයෙන් ඔද වැඩුනු සමාජය ප්‍රගතිශීලී සමාජයකි.ජාතික සංවර්ධනයේ පදනම තරුණ පරපු...
-
අපට ලැබෙන මිනිත්තුවකට ඇත්තේ තත්පර හැටයි.එම තත්පර හැට පවා ප්‍රයෝජනවත්ව කාර්යක්ෂම අයුරින් ක්‍රියාවට නැංවුවහොත් ජීවිතයහි ඇති අභියෝග බොහෝ ජයග...
-
ආදරය ජීවිතයට තදින් කා වදින ඔසුවකි.මිනිස් චිත්ත සන්තානයේ ගැඹුරු තැන් පිරිමදින එය සිත් සැබැවින්ම සුවපත් කරයි. මලානිකව සුසු...