කුඩා දරුවෙකුගේ සිත නොකිලිටි මෙන්ම නිරවුල්ය.නිදහස,නව අත්දැකීම් විදින්නට කැමති ඔවුන් ඒ අත්දැකීම් ඇසුරෙන් ඔවුන් උගත දේ දිනක වැඩිහිටියෙකු වූ විටද ක්‍රියාවට නංවයි.එම නිසා ලමා සිත අවබෝධයෙන් තේරුම් ගැනීම වැදගත් වේ.ළමයා යනු ළමයාය..ඔවුන් වැඩිහිටියන් නොවේ.ඇත්තේ ළමා සිතුම් පැතුම්ය.කෙළිදෙලෙන් සිතැඟි පරිදි ගත කරන්නට ඔවුන් කැමැතිය.ඔවුන් එලෙස ඒවා තුලින් ලබන නවමු අත්දැකීම් හරහා බොහෝ දේ උගනින බව දත යුතුය.ඒ කෙසේද යත් පරිසරය හා ගැටෙන ළමයා එහි අපූර්වත්වය දකී.එයට සමීප වේ.ගහට කොළට සතා සීපාවාට ආදරය කරන්නට ඉගෙන ගනී.ඒවාගේ වටිනාකම වටහා ගනී.සිත් පිරිසුදු වේ.රසවින්දනයට ,හිතන්නට,දෙයක් දෙස අවබෝධයෙන් බලන්නට නිරායාසයෙන් පෙළඹේ.එමෙන්ම ගහට කොළට ,සතා සීපාවාට ආදරය දක්වන ,මිතුරන් නිවැසියන් ,අසල්වැසියන් සමග සහයෝගයෙන් දිවි ගෙවන ළමයාගේ මනස තුල කරුණාව ,අනුකම්පාව ,දයාව ආදී මාහැඟි සිතුවිලි ක්‍රමයෙන් ගොඩ නැගේ.එය පොත පතින් ලබාදෙන්නට කෙතරම් වෑයම් කලද එය නිශ්ඵල වේ.
අද අප රට තුල පවතින අධ්‍යාපනය ඉතාමත් තරඟකාරීය.තරඟකාරී බව අත්‍යාවශ්‍ය වුවද මෙවැනි තරඟකාරී බවක් තුලින් සංවර්ධනයක් කෙසේ වෙතත් අනාගත මිනිසාගේ අධ්‍යාත්මික සංවර්ධනයහි නම් දැවැන්ත පරිහානියක මූලාරම්භයක් නම් වන බව මොනවට කැපී පෙනේ.උදේ රැයින් නැගිට මොනවා හෝ දෙයක් කඩිමුඩියේ ගිල දමා පාසල් වෑන් රියට තල්ලු වීමෙන් අනතුරුව මහා සංග්‍රාමයකට අනුයුක්ත කලා හා සමානය.පලමුවන වසරට ඇතුලත් කල දා සිටම වාගේ දෙමව්පියන්ගේ හා ගුරුවරුන්ගේ හිස තුල රජයන පලමුව විජයග්‍රහණය 5 ශිෂ්‍යත්වයයි. එතැන් සිට ආරම්භ වන කඩඉම් විභාග පෙල වෙනුවෙන් ඕනෑම දෙයක් කැප කිරීමට අද සියල්ලෝම පාහේ සැරසී සිටී.අද බොහෝ මව්පියන්ට අසල්වැසියාගේ දරුවාට වඩා හා තමාගෙන් ප්‍රතිඵල අසන්නන්ට උජාරුවෙන් කිව හැකි ලෙස විභාගයෙන් සමත්ව සිටිනු දැකීම රටක් රාජ්‍යයක් ලැබුනාක් හා සමාන දෙයකි.එසේම ඇතැම් ගුරුවරුන්ගේ සිද්ධාන්ත වලට අනුව විභාග වලින් අසමත් වීම දරැවා සිය අනාගතයම අදුරු කර ගැනීමකි.මෙවැනි සංකල්පයන් ළමා සිත් පසාරු කර ගෙන නිදන්ගත වීමේ ප්‍රතිඵලයක් ලෙස දරුවාද මව්පියන් හා ගුරුවරුන්ගේ තරඟකාරීත්වයට යොමුවේ.
මේ වන විට මුලු මහත් රටම හා අධ්‍යාපන ක්ෂේත්‍රයම දරුවන්ගේ හිස් ශිෂ්‍යත්වය , A සාමාර්ථ යන සංකල්පයන් තුලින් පමණක් පුරවා අවසන් ය.දෙමව්පියන් අමතර පන්ති දහසකට පමණ ඇතුලත් කොට ඔවුන්ගේ නිදහස සීමා කොට ඇත.එදා දරැවා ගහකොලෙන් විදි අතිශය සුන්දර නිදහස අද දරුවාට ලැබෙන්නේ නැත.පරිසරයේ සුන්දරත්වය විදින්නට ඔවුන් දන්නේ නැත.ගුණධර්ම ,මව පියා,අසල්වැසියන් ,පරිසරය අමතක වී කෲර සමාජයක් බිහි වෙමින් පවතී.අනෙකාගේ දුක නොහදුනන අනුකම්පාව තොරවූ අනාගත රොබෝවරු පිරිසක් අපට මෙමගින් දායාද වේ.ලැබෙන දත්ත වලට අනුව ක්‍රියාත්මක වීමට සැකසී ඇති රොබෝවරු සිතන්නට ,අනෙකාගේ දුක හදුනන්නට දන්නේ නැත.මන්ද යත් ඔවුන් සංවේදී වීමට සකසා නැත.අද දරුවාටද ඔවුන්ගේ ළමා කාලය,නිදහස විදින පරිසරය විදින ,ගුණධර්ම පුහුණු කරන කාලය ඔවුන්ගෙන් උදුරා ගෙන පසුව ඔවුන් තුලින් සිරිමත් ලා අපේක්ෂා කල නොහැක.පොත පතින් ජීවත් වීමට අවශ්‍ය සියල්ලම නොලැබේ.සමාජගත වූ පසු අධ්‍යාපනය මෙන්ම ගුණධර්ම ද පිරුණු මිනිසුන්ය අවැසි වනුයේ දහම් පාසලකට යන දරුවන් අද ඉතා සීමිතය ...දහම් අධ්‍යාපනය ,සාරධර්ම රටක පැවැත්මට ඉතාමත් අවශ්‍යය.ගුණධර්ම පිරිහුන රොබෝ හදවත් ඇති දොස්තරලා,නීතිඥවරුන් ,ඉංජිනේරුවන් ,ගුරුවරුන් ලක්ෂ ගණන් පහල වුවද රටකට පලක් නැත.එහෙයින් අප අනාගතයට අපම වල කපගෙන පසුව දොස් කීවාට කිසිදු පලක් නැති බව අවබෝධ කොට ගැනීම මුලු මහත් රටටම වටී..
U.dinushika samanmalie
Monday, August 27, 2018
Subscribe to:
Post Comments (Atom)
-
රටක දැයක පිටකොන්ද තරුණ පරපුරයි.තාරුණ්යභිමානයෙන් ඔද වැඩුනු සමාජය ප්රගතිශීලී සමාජයකි.ජාතික සංවර්ධනයේ පදනම තරුණ පරපු...
-
අපට ලැබෙන මිනිත්තුවකට ඇත්තේ තත්පර හැටයි.එම තත්පර හැට පවා ප්‍රයෝජනවත්ව කාර්යක්ෂම අයුරින් ක්‍රියාවට නැංවුවහොත් ජීවිතයහි ඇති අභියෝග බොහෝ ජයග...
-
ආදරය ජීවිතයට තදින් කා වදින ඔසුවකි.මිනිස් චිත්ත සන්තානයේ ගැඹුරු තැන් පිරිමදින එය සිත් සැබැවින්ම සුවපත් කරයි. මලානිකව සුසු...
No comments:
Post a Comment