Thursday, May 31, 2018

•••°ජීවිතය°•••••

සුන්දර බලාපොරොත්තු පොදි බදිමින් 
සෑම තත්පරයකම ජීවිතය නැවුම් බවින් පුරවන්නට හේතු සොයමින්
 විටෙක අයෙක් මේ ජීවිතය විදියි උපරිමෙන් ....




විටෙක ජීවිතයේ සොඳුරු තැන් සොයන ගමනේදී ...
අපේක්ෂා බොදව ,කලකිරීම් රජවී.. 

කාලයත් සමඟම පීඩිත හැගීම් වෙලාගන්නා විට
 තවකෙක් ජීවිතය විදවයි....



ජීවිතය ජීවත් කරන්නට වෙහෙසී
 හැඩිවූනු සියල්ලෝම 
මරණය විසින් අතුගාගෙන යන්නට පැමිණි කල
 සියලු විදීම්, විදවීම්ද නිෂ්ඵල යැයි පසක් වනු ඇත....



          - දිනුෂිකා සමන්මලී
                2018/06/01

Tuesday, May 29, 2018

නුඹට.......



සුපිපි මලක් ලෙස

සිතුනි එදා මට
නුඹ මට පිදු
ඒ සෙනෙහස






දිවා රෑ නෙතු 

කඳුළු පුරන විට
දැනෙණේ එය මට
ගින්දරක් වග

මඳ සුළඟක් ය සිතු නුඹම
කුණාටුවක් ව හැමූ කල
පසුතැවුම හැර කිසිවක්
නොවුනි ඉතිං මා හට


මතකය අමතක නොවුනද පෙර
රැවටීමෙන් සිත පෑරුණු කල
දරදඬු වුණු සිතිවිලි ලඟ
නුඹට ඉඩක් නැති විය තව



               -දිනුෂිකා සමන්මලී
                    2017/05/28

Monday, May 28, 2018

මිරිඟු දියක් විය නුඹ...




නුඹ වුනානම් නිල් ගුවන

වළාකුලක් ව ඉන්න තිබුනා මට



නුඹ වුනානම් පුරා සඳ

තරු කැටයක්ව දිලෙන්න තිබුනා නේද මට


මහ සයුරවත් වුනා නම් නුඹ

වෙරළ සේ හෝ ඉන්නවා ළඟ

ඒ කිසිත් නොවීම නුඹ
නෙත් අභියස මායාවක් ව
සදාකාලයෙන් සදාකාලයට සිත් රවටන
මිරිඟු දිය වුනේ ඇයි

                   

              -දිනුෂිකා සමන්මලි
                   2018/05/28

Friday, May 25, 2018

ජීවිතය දෙස සුභවාදී ව බලන්න....

ජිවිතයේ සමහර දේවල් සිද්ද වෙන්නෙ වාසනාවට නැත්නම් අවාසනාවට කියලා ඔබට හිතෙනවාද
                     අපේ බලාපොරොත්තු බිදුනම අපි විධි දෙකක් යොදාගන්නවා

එකක් කලකිරීමෙන් අසතුටින් හිත හකුලෝගන වේදනාවෙන් ජීවත් වීම. අනික තමයි අමාරුවෙන් හරි උපේක්ශාවෙන් බලලා හැමදේම වෙන්නෙ හොදට කියලා හිත හදාගන්න එක. 



        
     පලවෙනි එකෙන් වේදනාව අපේ හිත්,ගත පුරාම ඔඩුදුවනවා. අපේ ජීවතේ හුගක් දේවල් සාර්ථක ව කරගන්න බැරි තරමට අපි දුර්වල වෙනවා.
 දෙවනි එකෙන් හිත සංසුන් වෙනවා.



                 දැන් ඉතිං වෙච්ච දේ වුනා. ඒක දිහා අවාසනාවන්ත දෙයක් විදියට බලනවට වඩා ඒ තුලින් යම්කිසි හොදක් මතු කරගන්න පුලුවන් නම් ඒක තමයි වැදගත්.

                 අපේ ජිවිතයේ හුගක් ඇතැම් දේවල් සිදුවන්නේ වාසනාවට කියලා අපිට හිතෙනවා. තවත් දේවල් සිදුවන්නේ අවාසනාවට වගේ කියලා අපිට පේනවා. ඒත් ඔබට හිතන්න පුලුවන් අපිට ජීවිතයේ නරකට සිදුවන දේවල් වෙස් වලාගත් ආශිර්වාදයක් වෙන්නත් පුළුවන්. හොදට සිද්ද වුනා කියලා හිතුන දේවල් පසුකාලීනව සාපයක් වෙන්නත් පුළුවන්.
                        මේ මොන දේ වුනත් විපතක් විදියට බලලා අඩන එකෙන් සිද්ද වෙන එක හොදක් ඔබට කියන්න පුළුවන් ද??? අපට සිද්ද වෙන දේ නෙමේ ඇත්තටම විපත. අපි ඒ දේවල් බාරගන්නා විදිය අනුව තමයි ඒක සිද්ද වෙන්නෙ.
                   වෙච්ච දේවල් වෙනස් කරන්න බෑ. විපතක් විදියට නොබලා මොකක්හරි හොදක් ඇති කියලා උපේක්ශාවෙන් බලන්න පුරුදු වෙන්න. එතකොට කදුලින් බොද වුන ඇස් දෙකක් වෙනුවට බුද්ධියෙන් ආලෝකමත් වුනු ඇස් වලින් ජීවිතයේ දිහා බලන්න පුලුවන්.....
              
- දිනුෂිකා සමන්මලී
     2018/05/25

Tuesday, May 22, 2018

මගේ ආදරය

                   ආදරය ජීවිතයට තදින් කා වදින ඔසුවකි.මිනිස් චිත්ත සන්තානයේ ගැඹුරු තැන් පිරිමදින එය සිත් සැබැවින්ම සුවපත් කරයි. මලානිකව  සුසුම් ලමින් සිටි මගේ ජීවිතයට ආදරයේ සිහිල් පොද වැටුන හැටි හොදින් මතකය.
එදා ඒ අහඹු මුණගැසීම ආදරයකින් කෙලවර වේ යැයි සිහිනෙන්වත් නොසිතුවත් ඒ මුණගැසීමත් සමගම ජීවිතයට එක් වූ නැවුම් හැගීම කෙටි කලකින්ම ආදරයේ සොඳුරු පියාපත් ලබමින් ඉගිල ගියේ මගේ මුලු හදවතම සිත්තම් කරමිනි.ඒ ලෙසින් අතු ඉති දමා ලියලමින් ගිය මගේ ආදරය අප හදවත් දෙකම එක් කොට ගෙන ආදරයේ සොඳුරු , මිහිරි බව දිනෙන් දින වැඩි කලේය.



                           රැය පහන් වෙන තෙක් හුවමාරු වන ආදර වදන් ,හැම මොහොතක් එක්කම  ආදරය සමග දැනෙන ආරක්ෂාව මේ සියල්ලම සොඳුරුයි.පුංචි පුංචි මුරණ්ඩුකම් ,ආදරය මුසු වුනු බැනුම් සත්තකින්ම මේ හැමදේම මගේ ජීවිතයට සොඳුරු මොහොතවල් එක්කාසු කලා.පෙර නොවිදි සුන්දර අත්දැකීම් ගොන්නක් මගේ ආදරයෙන් මට හිමිවුණා .කොතරම් මුරණ්ඩුකම් මුසු උනත් මේ තමයි මගේ හදවත හැම මොහොතක් ගානේම සනසන ,පිරිමදින "මගේ ආදරය "❤️❤️

Sanjanani 2019 trailer