Thursday, May 31, 2018

•••°ජීවිතය°•••••

සුන්දර බලාපොරොත්තු පොදි බදිමින් 
සෑම තත්පරයකම ජීවිතය නැවුම් බවින් පුරවන්නට හේතු සොයමින්
 විටෙක අයෙක් මේ ජීවිතය විදියි උපරිමෙන් ....




විටෙක ජීවිතයේ සොඳුරු තැන් සොයන ගමනේදී ...
අපේක්ෂා බොදව ,කලකිරීම් රජවී.. 

කාලයත් සමඟම පීඩිත හැගීම් වෙලාගන්නා විට
 තවකෙක් ජීවිතය විදවයි....



ජීවිතය ජීවත් කරන්නට වෙහෙසී
 හැඩිවූනු සියල්ලෝම 
මරණය විසින් අතුගාගෙන යන්නට පැමිණි කල
 සියලු විදීම්, විදවීම්ද නිෂ්ඵල යැයි පසක් වනු ඇත....



          - දිනුෂිකා සමන්මලී
                2018/06/01

9 comments:

  1. ජීවිතය 😞
    අත්හැරුණු බලාපොරොත්තු සමග ගෙවමින් සිටිමි,ජීවිතය ජීවත් කරවන්න වුවමනා නිසාත්,සියදිවි තොරකර ගැනීම පාපයක් නිසාත්,
    ජීවිතය ගැටගසා ජීවත් වෙමි,
    කදුලු අතරින් සිනාසීමට වෙර දරන මුත්
    මුත්,
    වෑහෙන කදුලු වැලකිය නොහැක,
    කාලයත් සමග අතීතයට සමුදෙමින්,
    වර්තමානයෙන් අනාගතය කරා ගමන් කිරීමට තීරණය කලෙමි .

    ඇඩ්මින් ලෝඩ් ❤💚❤

    ReplyDelete

Sanjanani 2019 trailer