කිසිවක් නොපෙනෙන , කිසිවෙකු ලග නොසිටින තිත්ත කළුවර රැයක ඈතින් නෙත ගැටෙන පුංචි පහන් ආලෝකයක් මගසලකුණ කර ඇවිද යන්නාක් මෙනි බලාපොරොත්තුවත් මා ජීවිතයට.... මා ගමනේ අවසානය රැදී ඇත්තේ නුඹ මතය....
බලාපොරොත්තුව මා නුඹට බෙහෙවින් ඇලුම් කරයි. මන්ද මා තනිවුනු සෑම විටම, මා අසරණ වූ සෑම විටම නුඹ මා අතැර නොගොස් ලගම රැදුනි. කොතරම් ගැහැට මැද වුවද මා යලි යලිත් අස්වැසීමට නුඹ සමත් විය....... ජීවිතය අතැර දැමීමට තරම් දේ සිදුවන විටත් නොසැලී තවත් වරක් උත්සාහ කරන්නැයි නුඹ මගෙන් ඉල්ලීය.....
අනේකව්ධ බාධක දුක් මැද මිනිසුන් ජීවිතයට බැද තබනුයේ බලාපොරොත්තු විසින් යැයි සිතේ. ඔවුන් කප්පරක් බලාපොරොත්තු හිස තබන් දුෂ්කර ගමනක් යති. ඇතැමෙක් ජීවිතය අතැර පලායන්න සිතනුයේද බලාපොරොත්තු බිදී ගිය විටය.....
මා ජීවිතේ සියල්ල බලාපොරොත්තුව නුඹ සමඟ ම බැදී ඇති ලෙසකි....
-දිනුෂිකා සමන්මලී
2018/06/02
Lassanai dr
ReplyDeleteThanks dr♥️
DeletePerfect...😍 making relaxing ideas
ReplyDelete❤️💐❤️
ReplyDeletethankz dr♥️
DeleteWow good
ReplyDeletethankz dr♥️
DeleteNiyamai ♥️
ReplyDeletethankz dr♥️
DeleteMaru
ReplyDeletethankz dr♥️
Deleteලස්සනයි
ReplyDeletethankz dr♥️
Delete