Wednesday, June 6, 2018

ආදරයේ උත්තරීතරම ප්‍රතිමූර්තිය වූ අම්මා...❤❤



හිරැට උණුසුම දිය හැකි මුත් ලොවටම 
නුඹේ සෙනෙහෙ උණුසුම තරම් නැත උණුසුම.....

සඳුට සිසිලස කැන්දන්නට හැකිමුත් මිහිමතට
නුඹේ කරුණා සිසිලස මෙන් නැත සිසිල.....


මිනිස් ලොව කිසිවෙකුට උසුලන්නට  නොහැකි
ලොව ඇති කර්කෂම වූ වේදනාව උසුලමින්....
මහමෙර මෙන් නොසැලුන මිහිමත ජීවය නුඹයි...
                   

සිත් නිවන සොඳුරු කවිය ලොවටම නුඹයි....
නෙත් පිරිමදින ලොව පියකරුම රුව
 නුඹයි.....


කිසිවෙකුට නොදෙවෙනි
 නිර්මල වූ ආදරයේ
 උත්තරීතරම ප්‍රතිමූර්තිය
 අකුරු තුනකින්  සනිටුහන් කරන
 "අම්මා"......

                               

                          - දිනුෂිකා සමන්මලී
                                  2018/06/05

4 comments:

Sanjanani 2019 trailer