Monday, June 18, 2018

නුඹ ඇයිද ආවේ 😢.....



හීන නැති හිත යට
හීන මාලිඟා තනන්න
සෙනෙහෙ නොව මිරිඟුව අරන්
ඇයිද ආවේ නුඹ



කාත් කවුරුත් නැති මට
මාවත් නැති කරන්න
සිනහ නොව කඳුළු අරන්
ඇයිද ආවේ නුඹ


නෙළුමක් මෙන් බැතිබර සිත
තලා පෙලා දමන්න
සැනසුම නොව රිදවුම ගෙන
ඇයිද ආවේ නුඹ


තනිකම පිරි මගෙ දිවියට
පාළුව තව අරගෙන
වෙන් වී යන්නට දවසක
ඇයිද ආවේ නුඹ
U.දිනුෂිකා සමන්මලී 
2018.06.19

3 comments:

Sanjanani 2019 trailer